Friday, January 21, 2011

අමිතා දිසානායක


නම - අමිතා දිසානායක

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1996

වයස - අවු.  42

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
පක්‍ෂයේ හා කාන්තා සමිතිවල නිලතල දරා ඇත.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
සෑම මැතිවරණ කාලයකදීම මැතිවරණ කාර්යාල පිහිටුවා මැතිවරණ කටයුතු කිරීම.
අත් පති‍්‍රකා බෙදාදීම. බැනර්, කටවුට් ආදිය ආරක්‍ෂා කිරීම.
ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කිරීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  -
රැකියාවට අදාලව වතුකරයේ සහ අනිකුත් ප‍්‍රදේශවල ගොවිජනතාවට බීජ, උපකරණ, වැසිජල ටැංකි ආදිය සාදා දීමට කටයුතු කිරීම, ආදර්ශ ගොවිපලවල් ආරම්භ කිරීම 
ඉඟුරු, බිම්මල් , මාලුමිරිස් වැනි කෘෂි ව්‍යාපෘති ආරම්භ කිරීම.
කාන්තා සමිති පිහිටුවා ඔවුන්හට පුහුණු වැඩසටහන් පැවැත්වීම
වතුකරයේ ජනතාව සහ ගමේ ජනතාව අතර සමඟිය ගොඩනැඟීම සඳහා ජාති භේදයකින් තොරව වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීම ආදී විවිධ ප‍්‍රජා වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත.

No comments:

Post a Comment